• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ධීවර යාත්‍රා දස දහසක් සඳහා GPS උපකරණ ! ධීවරයන්ටත් හැඳුනුම්පතක්

8 February 2019
in සංවර්ධන

ධීවරයන්ගේ වෙස් ගනිමින් මත්ද්‍රව්‍ය ආනයනය, නීති විරෝධී ගණුදෙනු හා නීති විරෝධී විදෙස්ගත වීම අවම කරන ලෙස මෙරට ධීවරයින් කළ ඉල්ලීමකට අනුව ඉදිරියේ දී සියලුම ධීවර යාත්‍රා සඳහා GPS තාක්ෂණය හඳුන්වා දී නිරීක්ෂණය කිරීමටත් ධීවරයන් වෙනුවෙන් හැඳුනුම්පතක් නිකුත් කිරීමට ද අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ධීවර දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගීගනගේ මහතා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා හට මේ බව පැවසුවේ ධීවර දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවේ දීය. මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර අමාත්‍යවරයා ද මෙම කටයුත්ත අගය කළේය.

ඉදිරියේ දී ධීවර වරායෙන් පිටව යන ධීවරයන් ඇඟිලි සලකුණු යන්ත්‍රයන්හි සිය අනන්‍යතාවය තහවුරු කර දියඹට යා යුතුව ඇති බවත් හදිසි දැනුම්දීම්, කාළගුණික විපර්යාස පිළිබඳ දැනුවත් කිරීම් සඳහා ඔවුනට කෙටි පණිවුඩ ක්‍රමයක් ඉදිරි මාස දෙක තුළ ඇති කරන බව නිලධාරීන් අමාත්‍යවරයාට පැවසීය. මෙය 2019 අයවැය යෝජනාවට ද ඉදිරිපත් කර ඇති බව ඔවුන් පැවසිය.

ග්‍රාමීය ධීවරයන් ශක්තිමත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත ධීවරයන්ට නිවාස ඉදිකිරීමේ දී ලබාදෙන ණය ආධාර සීමාව ඉහළ දැමීමට ද ධීවර යාත්‍රා උපකරණ සහනදායී ක්‍රමයකට ලබාදීමට ද තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාව සඳහා ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා, ධීවර අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගීගනගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.

Post Views: 12
Previous Post

යහපාලනයට විරුද්ධයි – මන්ත්‍රී ඉෂාක් කියයි

Next Post

2018 වර්ෂයේ ඩෙංගු රෝගින්ගේ වාර්තාගත අඩු වීමක්

editor

editor

Next Post

2018 වර්ෂයේ ඩෙංගු රෝගින්ගේ වාර්තාගත අඩු වීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved