27 April 2024
#දේශීය

5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ -අධ්‍යාපන අමාත්‍යංශය

2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022- 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව සිසුන්ට ලැබී ඇති පාසල් අන්තර් ජාලයේ https://g6application.moe.gov.lk/#/ සබැඳියට පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකි ය.

මෙම කඩඉම් ලකුණු අනුව 2021 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතූන් මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්හට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (Online) ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සලසා දෙනු ලබන අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.

සියලු අභියාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු අතර පැමිණ භාර දෙනු ලබන හෝ වෙනත් අයුරකින් යොමු කෙරෙන අභියාචනා අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *