2025 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දෙවන වටයේ අභියාචනා අයදුම්පත් කැඳවීම හෙට (08) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කෙරෙන අතර ඒ සඳහා වන කාලසීමාව 2026 මැයි මස 08 දින සිට 2026 මැයි මස 29 දින දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව අදාළ කාලසීමාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා අයදුම්පත් යොමු කරන ලෙස අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.














