2026 අගෝස්තු 25 වන දින දහවල්, ග්රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් ඉඟුරු කඩේ හන්දිය අසලදී, මෝදර දෙස සිට ඉඟුරු කඩේ දෙසට ධාවනය වූ ටිපර් රථයකට ඉදිරියෙන් පදික මාරුව හරහා පාර මාරු වූ කාන්තාවක් එම ටිපර් රථයට යටවීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63 ක් වූ කොළඹ 15 ප්රදේශයේ පදිංචිකාරියකි.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරු අත්අඩංගුලට ගෙන ඇති අතර, ග්රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














