• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තැපෑල අප්‍රේල් 12 වනදාත් වැඩ – රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

10 April 2024
in දේශීය, පුවත්
තැපෑල අප්‍රේල් 12 වනදාත් වැඩ – රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

අප්‍රේල් 12 වනදා රජයේ නිවාඩු දිනයක් වුවත් අලුත් අවුරුදු සමයට අදාළව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු තැපැල් සේවකයන් එදින රාජකාරියේ නිරතවීමට එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

පසුගිය සමයේ ඉන්ධන පෝලිම්වල සිටි ජනතාව මෙවර අලුත් අවුරුද්ද නිමිත්තෙන් රෙදිපිලි ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඒකරාශී වී සිටින අයුරු දැකගත හැකි බවත් එම වෙනස රට තුළ ඇතිවූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් දියත් කළ රට ගොඩ නැඟීමේ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය නිසා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “ බෙදාහැරීම සඳහා ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් මෙම අලුත් අවුරුදු සමයේ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබෙනවා. විදෙස් රටවල සිටින පිරිස් විසින් මෙරට ඥාති හිතවතුන්ට විශාල භාණ්ඩ ප්‍රමාණයක් එවා තිබෙනවා. අලුත් අවුරුදු සමය නිසා එම භාණ්ඩ ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම අපට අභියෝගයක් වී තිබෙනවා. එම තත්ත්වය වළක්වා ගැනීමට අප්‍රේල් 12 වනදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදිනට සේවයට වාර්තා කිරීමට තැපැල්පතිවරයා සහ තැපැල් වෘත්තීය සමිති මෙන්ම සමස්ත සේවකයින් එකඟතාවය පළකර තිබෙනවා. එහි නිෂ්කාශණ කටයුතු සඳහා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සිය සහයෝගය ලබා දෙන බව දන්වා තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9,591
Previous Post

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779කට ජනාධිපති සමාව

Next Post

පොහොට්ටුව ශක්තිමත් කිරීමට බිම්මට්ටමින් සැලසුම් – ජාතික සංවිධායක නාමල්

editor ttvnews

editor ttvnews

Next Post
රනිල් හා පොහොට්ටුවේ ප්‍රතිපත්තිමය ගැටළු තියෙනවා – මන්ත්‍රී නාමල්

පොහොට්ටුව ශක්තිමත් කිරීමට බිම්මට්ටමින් සැලසුම් - ජාතික සංවිධායක නාමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved