27 April 2024
#විදෙස්

නවසීලන්ත මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් හට විශිෂ්ඨ ජයක්

නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය. විදෙස් මාධ්‍ය සඳහන් කලේ එම ජයග්‍රහණයක් සමඟ ඉදිරි සති තුනක කාලය ඇතුළත නව රජය පිහිටුවිමට කටයුතු කරන බවයි.

කෙසේවෙතත් නව රජය පිහිටුවිමේදී වෙනත් පක්ෂ සමග සන්ධානගත වන්නේ ද යන්න පිළිබඳ ඇය විසින් ප්‍රකාශයක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නවසිලන්තයේ මහමැතිවරණයෙන් ජය හිමිකර ගත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් හට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි හේතුවෙන් ඇයගේ ලේබර් පක්ෂයට තනිව රජයක් පිහිටුවිමේ හැකියාව පවතී.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *