27 April 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරඟයෙන් විශිෂ්ට ජයක්

බංග්ලාදේශය අතර පැවති ටෙස්ට් තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ් ලකුණු 29ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමත් සමඟයි.

ඒ අනුව මෙම තරගය කඩුලු 10 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1කට 0ක් ලෙස ජයගත්තේය.

තරගයේ අවසාන දිනය වන අද (27) තරගය ආරම්භ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 34ක් ලබා සිටි සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 169ක් පමණි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 365ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 506ක් රැස් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *