27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඇන්තනි නිහාල් ෆොන්සේකා පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

මෙම තීරණය ගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පාර්ලිමේන්තු සභාව රැස්වූ අවස්ථාවේදීය.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වූහ.

මේ අතර ‍ධරනී ශිරන්තා විජයතිලක මිය, ජයන්ත .එම්. ස්වාමිනාදන් මහතා, ඒ. ඒ මොහොමඩ් ෆාතිහු මහතා සහ සෙල්ලතම්බි සුමිත්‍රා මිය හානිපූර්ණය සදහා වන කාර්යාලයේ සාමාජිකයන් ලෙස නැවත පත් කිරීම සඳහා පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය හිමිවූ බව මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *