ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ පස් වතාවක් ශූරතාව දිනාගනිමින් වඩාත්ම සාර්ථක වූ කණ්ඩායම වන බ්‍රසීලය, 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ (World Cup 2026) ඔවුන්ගේ පළමු තරගය සඳහා අප්‍රිකානු ප්‍රබල මොරොක්කෝ කණ්ඩායමට එරෙහිව පිටියට පිවිසෙයි.
‘C’ කාණ්ඩයේ (Group C) මෙම සුවිශේෂී තරගය ඇමරිකාවේ නිව් ජර්සි හි පිහිටි ‘MetLife’ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (ජූනි 14) අලුයම 3:30 ට ආරම්භ වේ.
තරගය පිළිබඳ අනාවැකි පළ කරන ප්‍රකට ‘Opta Analyst’ දත්ත ආයතනය පෙන්වා දෙන්නේ බ්‍රසීල කණ්ඩායමට ජයග්‍රහණය සඳහා සියයට 57.7ක ඉහළ සම්භාවිතාවක් පවතින බවයි. මොරොක්කෝ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා සියයට 18.8ක අවස්ථාවක් පවතින අතර, තරගය ජය පරාජයකින් තොරව (Draw) අවසන් වීමට සියයට 23.5ක අවස්ථාවක් පවතී. එමෙන්ම, ‘C’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට බ්‍රසීලයට සියයට 65.85ක වැඩි ඉඩක් පවතින බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.
















