27 April 2024
#දේශීය

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයාට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සුභ පැතුම්

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අභිනවයෙන් පත්වූ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (11) කොළඹ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමුවිය.

මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා රියර් අද්මිරාල් කුමාරගේ ඉදිරි කටයුතු සඳහා සිය සුබ පැතුම් එක් කළ අතර, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තවදුරටත් තත්වයෙන් උසස් වනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා උපකුලපතිතුමන් විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

රියර් අද්මිරාල් ධම්මික කුමාර සැප්තැම්බර් 01 වන දින කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස වැඩ භාර ගන්නා ලදි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *