ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය තහවුරු කිරීම සඳහා දැනට පවතින නෛතික ප්‍රතිපාදනවලට අමතරව, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියෙහි සඳහන් සියලු අයිතීන් සුරක්ෂිතවන අයුරින් ‘ළමා අයිතිවාසිකම් පනත’ නමින් නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.මීට පෙර ‘ළමා අයිතිවාසිකම් පිළිබඳ සංයුක්ත පනත’ ලෙස හැඳින්වූ මෙම පනතේ නාමය ‘ළමා අයිතිවාසිකම් පනත’ ලෙස සංශෝධනය කරමින්, අදාළ පනත් කෙටුම්පත් සකස් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.














