නුවරඑළිය ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ග්‍රෙගරි වැවේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා එහි වාන් දොරටුව විවෘත කර ඇතැයි නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
පවතින දැඩි අයහපත් කාලගුණය සහ ඝන මීදුම හේතුවෙන් ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම නුවරඑළිය මහ නගර සභාව විසින් ආරක්ෂක හේතු මත තාවකාලිකව තහනම් කර ඇත. එසේම, නුවරඑළිය-බදුල්ල, හැටන් සහ මහනුවර යන ප්‍රධාන මාර්ගවල ටොප්පස් සිට ලබුකැලේ දක්වා ඝන මීදුම් තත්ත්වයක් පවතින බැවින් රියැදුරන් දැඩි ප්‍රවේශමෙන් රිය පදවන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
















