රත්නපුර දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක පවුල් 551කට අයත් පුද්ගලයින් 2,290 දෙනකු ආපදාවට ලක්ව ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් එම්.ජී. ලලිත් ආනන්ද මහතා පවසයි.
රත්නපුර, ඇලපාත, කහවත්ත, කුරුවිට, ගොඩකවෙල සහ පැල්මඬුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් මෙම ආපදා තත්ත්වයන් වාර්තා වී ඇති අතර, වැඩිම පීඩාවට පත්ව ඇත්තේ රත්නපුර ප්‍රදේශයයි. දිස්ත්‍රික්කය තුළ අර්ධ නිවාස හානි 10ක් වාර්තා වී ඇති අතර, සුරක්ෂිත මධ්‍යස්ථාන 2ක පුද්ගලයින් 26 දෙනකු සහ ඥාති නිවාසවල පුද්ගලයින් 207 දෙනකු රඳවා ඇත. මේ වන විට කළුගඟේ සහ එහි අතු ගංගාවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් පවතින අතර, විපතට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසමින් පවතී.
















