වසර 20ක් පුරා ‘දැනුමයි වාසනාවයි’ රූපවාහිනී වැඩසටහන හරහා මෙරට ප්‍රේක්ෂකයින්ගේ සාමාන්‍ය දැනුම වර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, මාධ්‍ය විභූෂණ ආචාර්ය ගුණසේකර කේ. පතිරණ මහතාට උපහාර පිදීමේ උත්සවයක් කෝට්ටේ දී පැවැත්විණි.
ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ‘ඩී.එස්.අයි. සුපර්ස්පෝට් දැනුමයි වාසනාවයි’ වැඩසටහනේ පුරෝගාමී මෙහෙවර සිහිපත් කරමින්, ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරය විසින් මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල, ඩී.එස්.අයි. කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ සහ සාමාන්‍යාධිකාරී ප්‍රදීප් සමරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















