රජයේ මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින්, ඉඩම් බලපත්‍ර 10,000ක් ලබාදීමේ ජාතික වැඩසටහන අද (02) ආරම්භ කෙරිණි.
මෙහි සමාරම්භය සනිටුහන් කරමින් වැලිමඩ සහ හාලි-ඇළ ප්‍රදේශවල පවුල් 1023ක් සඳහා ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීම සිදු විය. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේ, හිසට ස්ථිර සෙවනක් නොමැති ජනතාවගේ සිහිනය සැබෑ කරමින් මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි.
















