නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් (අධ්‍යාපන) සන්දිප් චෞද්‍රි මහතා සහ නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා අතර හමුවක් ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වා තිබේ.
පළාතේ රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය අධ්‍යාපනික පුහුණුව ලබා දීමට ඉන්දීය රජය නිරන්තරයෙන් සූදානම් බව ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇති අතර, නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාල සිසුන් වෙත ලබාදෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සිය ස්තූතිය පළ කර ඇත.














