හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරු, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ජගත් සමන්ත මහතාට හලාවත මහාධිකරණය අද (15) වසර පහහමාරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. හලාවත පූර්වගාමී මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මහත්මිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
2008 වසරේ නොවැම්බර් මස කරුක්කුලිය ප්‍රදේශයේදී එවක ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් ධනසේන සූරසිංහ මහතාගේ රාජකාරියට බාධා කිරීම, අයුතු ජනරාශිය සහ පහරදීමට උත්සාහ කිරීම යන චෝදනා තුනටම ඔහු වරදකරු බව අධිකරණය තීන්දු කළේය. සිරදඬුවමට අමතරව, අගතියට පත් ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස ද අධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා 2024 වසරේදී රිය අනතුරකින් මියගිය බැවින්, දෙවන විත්තිකරු වූ ජගත් සමන්තට එරෙහිව පමණක් නඩු විභාගය පවත්වා මෙම තීන්දුව ලබා දී ඇත.














