හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (15) වරෙන්තු නිකුත් කළේය. ඇප මත සිටියදී අදාළ නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටීම මෙම වරෙන්තුව නිකුත් කිරීමට හේතු වී තිබේ.
2022 වසරේදී ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසල උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය. වරෙන්තුවට අමතරව, ඇපකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි සහ සිතාසි නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.














