රටේ පවතින ආර්ථික තත්ත්වය සහ විදේශ විනිමය කළමනාකරණය කිරීමේ අරමුණින් රජය සඳහා නව වාහන මිලදී ගැනීම තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් ජනාධිපතිවරයා අද (15) මේ බව අවධාරණය කළේය.
මැයි මාසය තුළ පමණක් ඉන්ධන ආනයනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 550ක දැවැන්ත පිරිවැයක් දැරීමට රජයට සිදුව ඇති බවත්, එම හේතුවෙන් ඉන්ධන භාවිතය සීමා කිරීම සහ අනවශ්‍ය වියදම් කපා හැරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ආර්ථිකය ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළ යටතේ රජයේ වියදම් දැඩි ලෙස පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.














