නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත හල්දුම්මුල්ල, හරංකාව, සොරගුණය ප්රදේශයේ සිදු කළ පොලිස් වැටලීමකදී, වසර හයකට අධික කාලයක් තිස්සේ බෙදා හැරීමෙන් තොරව තැපැල්කරුගේ ඇඳ යට සඟවා තිබූ ලිපි 2,078 ක් සොයාගෙන තිබේ. සොරගුණය උප-තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරන 42 හැවිරිදි සැකකාර තැපැල්කරුගේ නිවස පරීක්ෂා කිරීමේදී සාමාන්ය ලිපි 2,065 ක් සහ ලියාපදිංචි ලිපි 13 ක් මල්ලක බහා ඇඳ යට සඟවා තිබී සොයාගෙන ඇති බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
හල්දුම්මුල්ල, සොරගුණය සහ හරංකාව යන ප්රදේශවල ජනතාවට බෙදා හැරීම සඳහා භාර දුන් රාජ්ය ආයතනවල වැදගත් ලියකියවිලි, අධිකරණ ලේඛන, නීතිමය නිවේදන, රැකියා සම්මුඛ පරීක්ෂණ ලිපි සහ වෙනත් නිල ලිපි මෙලෙස වසර හයකට වැඩි කාලයක් තිස්සේ නිවසේ රඳවාගෙන ඇති බව සැකකරු ප්රශ්න කිරීම් හමුවේ අනාවරණය කර තිබේ. රාජ්ය සේවයේ වගකීම් පැහැර හැරීම සහ තැපැල් ලිපි අවභාවිත කරමින් සඟවා තබා ගැනීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
















