ඕමානයේ මස්කට් නගරයේ ක්වන්ටාබ් වෙරළ තීරය ආසන්නයෙන් දුර්ලභ ගණයේ රෝස පැහැති ඩොල්ෆින් මසුන් කිහිප දෙනෙකු දැකගැනීමට ලැබීම හේතුවෙන් එම ප්රදේශයට පැමිණ සිටි සංචාරකයින් දැඩි මවිතයට පත්ව තිබේ. විදෙස් මාධ්ය වාර්තා කරන ආකාරයට, වෙරළට ඉතා ආසන්න ප්රදේශයක අලංකාර ලෙස පිහිනමින් සිටි මෙම අපූරු සමුද්රීය සතුන්ගේ දර්ශන සංචාරකයින් විසින් සිය කැමරාවල සටහන් කරගෙන ඇත.
මෙම අපූරු සතුන්ගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්ය ඔස්සේ වේගයෙන් පැතිර යමින් පවතින අතර, එය ලොව පුරා මහත් කුතුහලයක් මෙන්ම දැඩි ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්ව තිබේ. මෙවැනි දුර්ලභ සමුද්රීය ජීවීන් වෙරළ ආසන්නයට පැමිණීම ස්වභාව සෞන්දර්යයේ අපූරු දසුනක් ලෙසයි සංචාරකයින් අදහස් දක්වා ඇත්තේ.
















