බලපත්‍රයක් නොමැතිව හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගංජා මිශ්‍ර මදන මෝදක නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අම්බලන්තොට පොලිස් වසමේදී මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී මදන මෝදක කිලෝ 270 ග්‍රෑම් 994ක්, සකස් කරන ලද ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 100 ග්‍රෑම් 500ක්, විවිධ බර හා මිල ගණන් යටතේ පැකට් කරන ලද මදන මෝදක පැකට් 11,133ක්, ගංජා ග්‍රෑම් 430ක් සමඟ නිෂ්පාදනයට යොදාගත් උපකරණ සහ යන්ත්‍ර සූත්‍රද පොලිස් භාරයට ගෙන ඇත. රුපියල් ලක්ෂ 30කට ආසන්න වෙළඳපොළ වටිනාකමක් ඇති මෙම මදන මෝදක දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කර ඇති බව අනාවරණය වී තිබේ. සෙවනගල සහ කිරම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 36, 26 සහ 50 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් අම්බලන්තොට පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.















