හම්බන්තොට ජාත්‍යන්තර වරාය 2025 වසරේ නව ගැන්ට්‍රි දොඹකර මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා බහාලුම් ඒකක මිලියනයකට වැඩි ප්‍රමාණයක් හසුරුවා තිබේ. වරාය 2025 වසරේදී TEUs 428,036ක් සහ 2026 වසරේ මේ දක්වා TEUs 574,196ක් හසුරුවා ඇති අතර, එම එකතුව TEUs 1,002,232ක් වේ.
2026 අප්‍රේල් මාසයේදී MSC Marie Leslie නෞකාවෙන් TEUs 13,260ක් හසුරුවා තිබීම එක් නෞකාවකින් වරාය මෙතෙක් හසුරුවා ඇති ඉහළම බහාලුම් ප්‍රමාණය ලෙස වාර්තා වී තිබේ. එමෙන්ම ජූනි මාසයේදී TEUs 80,325ක් හසුරුවමින් වරායේ ඉහළම මාසික බහාලුම් හැසිරවීමේ වාර්තාවද පිහිටුවා ඇත.
බහාලුම් මෙහෙයුම් ධාරිතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 108ක ආයෝජනයක් යටතේ නව ක්වේ දොඹකර 6ක් සහ රබර් ටයර් ගැන්ට්‍රි දොඹකර 16ක් ලබා ගැනීමට කටයුතු කරමින් පවතින බව වාර්තා වේ. එම උපකරණ 2027 පෙබරවාරි වන විට මෙහෙයුම් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. ව්‍යාප්තියත් සමඟ අමතර මීටර් 1,300ක නැංගුරම් ඉඩකඩක් භාවිතයට ගැනීමටත්, බහාලුම් අංගනය සියයට 30කින් පුළුල් කිරීමටත් සැලසුම් කර ඇත. දිගුකාලීනව වරායේ වාර්ෂික බහාලුම් හැසිරවීමේ ධාරිතාව TEUs මිලියන 2ක් දක්වා ඉහළ නැංවීම ඉලක්කය වී තිබේ.













