ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව, නව විනිවිදභාවයකින් යුත් නියාමන රාමුවක් යටතේ දියත් වන ප්‍රථම මහා පරිමාණ බලශක්ති ව්‍යාපෘතිය ලෙස මෙම සූර්ය බලශක්ති උද්‍යානය මෙරට ඉතිහාසයට එක්වනු ඇත. විශේෂයෙන්ම මීට පෙර අධිවේගී මාර්ග ඉදිකිරීම් සඳහා අවශ්‍ය වැලි සහ කළුගල් කැණීම් සිදුකිරීම හේතුවෙන් මතුපිට පස් තට්ටුව සේදී ගොස් දැඩි ලෙස සෝදාපාළුවට ලක්ව තිබූ, කෘෂිකර්මාන්තයට කිසිසේත්ම නුසුදුසු මුඩු බිමක් ලෙස මහවැලි අධිකාරිය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද ගොන්නෝරුව ප්‍රදේශයේ අක්කර 450ක භූමියක් මෙලෙස පරිසර හිතකාමී සූර්ය බලශක්ති උද්‍යානයක් බවට පරිවර්තනය වීම සුවිශේෂී සන්ධිස්ථානයකි. භාවිතයට ගත නොහැකිව අතහැර දමා තිබූ විනාශ වූ භූමියකින් මෙගාවොට් 150ක පිරිසිදු බලශක්තියක් ජාතික පද්ධතියට එක්කිරීම හරහා රටේ ආර්ථිකයට සහ පරිසරයට එල්ල වන ධනාත්මක බලපෑම අතිමහත්ය.
මෙම දැවැන්ත ජාතික මෙහෙයුම හුදෙක් දේශීය ප්‍රයත්නයක් පමණක් නොවන අතර, එය ගෝලීය සහ දේශීය ආයෝජන නායකත්වයේ ශක්තිමත් සුසංයෝගයකි. චරණ කුමාරණතුංග, දුලංගා කුමාරණතුංග, මධුසංඛ ප්‍රනාන්දු, ලියු කායි, බන්දුල විතානආරච්චි සහ ට්‍රැවිස් ඩී රෝස් වැනි ප්‍රමුඛ පෙළේ ප්‍රවීණ ආයෝජන නායකයින්ගේ මඟපෙන්වීම යටතේ Southern Nexus, DHCE සහ GTC යන සමාගම් මෙම ව්‍යාපෘතිය පෙරමුණට ගෙන යයි. මෙම ව්‍යාපෘතිය හුදෙක් විදුලි උත්පාදනයෙන් ඔබ්බට ගිය, අතහැර දමා තිබූ ජාතික සම්පත් ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීම පිළිබඳ පරමාදර්ශී ආකෘතියක් මුළු රටටම සපයනු ලබයි.
විදුලිබල මණ්ඩලයේ නව නියාමන රාමුව ඔස්සේ මෙවැනි විනිවිදභාවයකින් යුත් ආයෝජන රටට ගලා ඒම, අනාගත බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, විදේශයන්ට ඇදී යන විශාල මුදලක් ඉතිරි කරමින් ෆොසිල ඉන්ධන මත යැපීම අවම කර හරිත ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව වේගයෙන් ගෙන යාමටත් ප්‍රබල උත්තේජකයක් වනු නිසැකය. විනාශ වූ නිසරු භූමියක් ජාතියේ අනාගතය ආලෝකමත් කරන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම, තිරසර සංවර්ධනයේ සැබෑ අර්ථය මැනවින් විදහා දක්වන බව දේශපාලන හා ආර්ථික විචාරකයෝ පෙන්වා දෙති.
















