• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුවපත් රටක් උදෙසා දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක් පිහිටුවීමේ විශේෂ ව්‍යාපෘතියක් ඇරඹෙයි

2 June 2026
in දේශීය, පුවත්
සුවපත් රටක් උදෙසා දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක් පිහිටුවීමේ විශේෂ ව්‍යාපෘතියක් ඇරඹෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පුරවැසියන් වෙනුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වඩාත් ප්‍රශස්ත මට්ටමින් ළඟා කරදීම වෙනුවෙන් දිවයින පුරා “ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන (Health & Wellness Centres) 1000ක් පිහිටුවීමේ විශේෂ ව්‍යාපෘතියක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නැංවා තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) ජාතික වැඩපිළිවෙළ යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ආසන්න වශයෙන් 10,000ක ජනගහනයක් ඉලක්ක කර ගනිමින් ස්ථාපිත කෙරෙන මෙම සෑම මධ්‍යස්ථානයක් සඳහාම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරියෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක්, ඖෂධවේදියෙක් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් බහුවිධ සෞඛ්‍ය කණ්ඩායමක් අනුයුක්ත කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍ය කණ්ඩායම් බඳවා ගැනීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ද මේ වන විට යොමු කර තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,500ක ප්‍රතිපාදන වෙන් කර ඇත. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මාපලගම, ඇත්ඔය, තල්පිටිය, පොල්ගොල්ලවත්ත සහ ගන්කන්ද යන ප්‍රදේශවල නියමු මධ්‍යස්ථාන 5ක් සාර්ථකව ස්ථාපිත කෙරුණු අතර, දෙවන අදියර යටතේ මේ වන විට දිස්ත්‍රික්ක 21ක් ආවරණය වන පරිදි සුවතා මධ්‍යස්ථාන 42ක් ජනතා අයිතියට පත් කර සක්‍රීයව ක්‍රියාත්මක වේ. මෙම වසර තුළ මධ්‍යස්ථාන සංඛ්‍යාව 300 දක්වා ඉහළ නැංවීමට කටයුතු කෙරෙන අතර, 2028 වසර අවසන් වන විට දිවයින පුරා මධ්‍යස්ථාන 1,000ක් දක්වා එය වර්ධනය කිරීම අමාත්‍යාංශයේ ප්‍රමුඛ ඉලක්කයයි.
මෙම මධ්‍යස්ථාන හරහා බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය, පිළිකා කල්තියා හඳුනා ගැනීම, සුළු ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි හා යොවුන් සෞඛ්‍ය සේවා, මානසික සෞඛ්‍ය සත්කාර, මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන උපදේශන මෙන්ම තෝරාගත් රසායනාගාර පරීක්ෂණ රැසක් ග්‍රාමීය මට්ටමින් ජනතාවට නොමිලේ සැපයීමට නියමිතය. මීට අමතරව, මූලික වෛද්‍ය පරීක්ෂණ රැසක් එකවර සිදු කළ හැකි අතිනවීන ඒකාබද්ධ වෛද්‍ය උපකරණයක් (Multi-functional Device) ඉදිරියේදී මෙම මධ්‍යස්ථාන වෙත හඳුන්වා දීමට ද කටයුතු යොදමින් පවතී.
Post Views: 7
Previous Post

හම්බන්තොටින් මෙගාවොට් 150ක දැවැන්ත සූර්ය බලාගාරයක්

Next Post

වෙසක් සතියට සමගාමීව යාපනය ශික්ෂණ රෝහලෙන් දින තුනක අක්ෂි සැත්කම් දන්සැලක්

Editor TTV News

Editor TTV News

Next Post
වෙසක් සතියට සමගාමීව යාපනය ශික්ෂණ රෝහලෙන් දින තුනක අක්ෂි සැත්කම් දන්සැලක්

වෙසක් සතියට සමගාමීව යාපනය ශික්ෂණ රෝහලෙන් දින තුනක අක්ෂි සැත්කම් දන්සැලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved