හම්බේගමුව පොලිසිය විසින් කිලින්බුන්න රක්ෂිතයේ සිදුකළ වැටලීමකදී අක්කර දෙකක පමණ පුළුල් ලෙස වගා කරන ලද කෝටි 10ක් පමණ වටිනා මහා පරිමාණ ගංජා හේනක් වටලා තිබේ.
අඩි තුනත් තුනහමාරත් අතර උසැති ගංජා පැළ එක්ලක්ෂ පහළොස් දහසක් පමණ මෙම වගාවේ තිබී ඇත. අසල පිහිටි ජල මූලාශ්‍රයකින් නළ මාර්ගයෙන් ජලය ලබා දෙමින් ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගොස් ඇති මෙම ගංජා වගාවේ අයිතිකරු වන හම්බේගමුව අලුත්වැව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සැකකරුවෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව වැටලීම සිදුකළ පොලිස් කණ්ඩායම විසින් ගංජා වගාව කපා කොටා පුළුස්සා විනාශ කර ඇති අතර, සැකකරු සහ නඩු භාණ්ඩ වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















