අද (11) උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මොණරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එම අගය මිලිමීටර් 124.1ක් ලෙස සටහන් වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 36ක කාලය තුළදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙහි බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, වයඹ, උතුර සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පෙන්වා දෙන්නේ. පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අවදානම් ප්‍රදේශවල වෙසෙන ජනතාව වඩාත් සැලකිලිමත් වන ලෙස ද දැනුම් දෙනු ලබනවා.














