නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතලයක් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ හෝටලයකට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ දහයක (මිලියනයක) දැවැන්ත දඩයක් නියම කර තිබේ. හපුතලේ – වැලිමඩ පාරේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් මෙම හෝටලය වැටලීමට ලක්ව ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසිනි.
පාරිභෝගිකයෙකුට වැඩි මිලට ජල බෝතලයක් අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය පැවරූ නඩුව ඊයේ (24) විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. පාරිභෝගික අයිතීන් සුරැකීම සහ වෙළඳපොළ අක්‍රමිකතා මැඩලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ මෙලෙස උපරිම දඩ මුදල් නියම කිරීමට කටයුතු කර ඇත.














