දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් දින කිහිපයක් තිස්සේ රැඳී සිටීමේ සිදුවීම කෙරෙහි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ විශේෂ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව, එම ස්ථානයේ රැඳී සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉදිරිපත් කරන ඉල්ලීම් පිළිබඳව සොයා බලා ඊට අදාළ පාර්ශව සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට (18) දින අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇත. මෙම තීරණාත්මක සාකච්ඡාවෙන් අනතුරුව, සරසවි සිසුන්ගේ ප්‍රශ්නය වෙනුවෙන් රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට නියමිතව තිබේ.














