අගෝස්තු 31 සිට සැප්තැම්බර් 04 දක්වා පැවැත්වෙන ප්‍රථම ‘ජාත්‍යන්තර සවිඥානික ආහාර පද්ධති සමුළුවට’ (Global Conscious Food Systems Summit) සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අගෝස්තු 31 වනදා භූතානයේ පාරෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූවාය.
එහිදී භූතාන අග්‍රාමාත්‍ය ට්ෂෙරින් ටොබ්ගේ (Tshering Tobgay) මහතා විසින් අග්‍රාමාත්‍යවරිය ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. සංචාරය අතරතුර අඟහරුවාදා පැවැත්වෙන සමුළුවේ සමාරම්භක සභාව ඇමතීමට නියමිත අග්‍රාමාත්‍යවරිය, භූතාන අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල ද නිරත වීමට නියමිතය.














