කළුතර, පයාගල පඹය ප්‍රදේශයේදී මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ 19 හැවිරිදි ‘ඩිලා’ නමැති තරුණයා මියගොස් තිබේ.
මියගිය තරුණයා සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පානදුර කුඩු නිලංග’ නැමැත්තාගේ මස්සිනා බවට හඳුනාගෙන ඇත. කුඩු නිලංග යනු මැලේසියාවේදී සංවිධානාත්මක අපරාධකරු ‘කංජිපානි ඉම්රාන්’ ඇතුළු පිරිස සමඟ අත්අඩංගුවට පත් වූවෙකි. මූලික පරීක්ෂණවලට අනුව 38mm වර්ගයේ රිවෝල්වරයකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, මෙය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කුඩු සලින්දු’ හෙවත් ‘හඳයා’ගේ පාර්ශවය විසින් මෙහෙයවන ලද පාතාල කල්ලි අතර පවතින වෛරයක ප්‍රතිඵලයක් බවට සැක කෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














