‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය. දිට්වා ආපදාවෙන් අනතුරුව යටිතල පහසුකම් යළි ගොඩනැඟීමේ ගිවිසුම්ගත ව්‍යාපෘති ප්‍රමාදවීම් පිළිබඳව සහ 2026 ව්‍යාපෘති ඉලක්ක සපුරා ගැනීමට ඇතිව තිබෙන බාධා සම්බන්ධව මෙන්ම, “Rebuilding Sri Lanka“ වැඩසටහනෙහි වත්මන් ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙහිදී අර්ධ හානියට පත් නිවාස 50,554ක් වෙනුවෙන් රුපියල් මිලියන 13,505ක් සහ පූර්ණ හානියට පත් නිවාස 4,918ක් සඳහා රුපියල් මිලියන 11,510ක් මේ වන විටත් ලබාදී ඇති බව අනාවරණය විය. හානියට පත්ව ඇති මහාමාර්ග, දුම්රිය මාර්ග, පාලම් ඇතුළු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සහ ජනතාවගේ දෛනික ජනජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.














