ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු නිල තීරණයක් ගෙන නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්නෝත්තර වේලාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යොමු කරන ලද සුවිශේෂී ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍රවල කතාබහක් නිර්මාණය වී තිබුණ ද, ආණ්ඩුව පාර්ශවයෙන් ඊට අදාළ නීතිමය හෝ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















