සර්වජන බලය පක්ෂයේ හිටපු කොළඹ නගරාධිපති අපේක්ෂකයෙකු මෙන්ම ව්‍යවසායකයෙකු වන හසන් අලල්දීන් (Hassan Alaldeen) මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සමඟ නිල වශයෙන් එක්ව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් හසන් අලල්දීන් මහතා දෙහිවල ආසනයේ සංවිධායකවරයා ලෙස පත් කර ඇත. සර්වජන බලය පක්ෂයේ මාධ්‍ය ලේකම් මෙන්ම විධායක සභා සභිකයෙකු ලෙස ද කටයුතු කළ ඒ මහතා, පෞද්ගලික හේතූන් මත පසුගිය සතියේ එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව එහි ප්‍රධාන ලේකම් රංජන් සෙනෙවිරත්න මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.
















