රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අදාළ පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් සලකා බැලීමේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට තීරණය වී ඇත.
















