හැටන් නගරයට අද (26) ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් බස් නැවතුම්පොළ අසල පිහිටි විදුලි ට්රාන්ස්ෆෝමරයක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් ගින්නක් හටගෙන තිබේ.
ගින්න හටගත් අවස්ථාව අප කැමරාවේ මෙලෙස සටහන් විය.
විනාඩි කිහිපයක් ඇතුළත ගින්න නිවී ගොස් ඇති අතර, සිද්ධියෙන් විදුලි ට්රාන්ස්ෆෝමරයට හෝ ඒ අසල සිටි කිසිවෙකුට හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.














