පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති ගුල්ලන් සහිත කහ පරිප්පු තොගයක් විනාශ කිරීමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
හැටන්, කොටගල ප්‍රදේශයේ තොග වෙළෙඳසැලක සඟවා තිබියදී කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම පරිප්පු තොගය සිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. වෙළෙඳපොළ වටිනාකම රුපියල් පන්ලක්ෂ විසි දෙදහසක් වන මෙම පරිප්පු තොගය භූමිතෙල් ඉස විනාශ කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, ඒ අනුව තලවකැලේ ලිදුල නගර සභාවේ කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේදී එම තොගය විනාශ කෙරිණි.
අධිකරණය හමුවේ වරද පිළිගත් පරිප්පු තොගයේ අයිතිකරුට රුපියල් 2,000ක දඩයක් නියම කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.
















