සම්බුදු වෙසක් තෙමඟුල සමරනු වස්, හැටන් පොලිසියේ නිලධාරීන් විසින් අද (30) හැටන් නගරයේදී කඩල දන්සලක් ඉතා උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය.
මෙම දන්සල පොලිස් නිලධාරීන් විසින් මහත් බැතියෙන් යුතුව සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. වෙසක් පුන් පෝය දිනය නිමිත්තෙන් පොලිස් නිලධාරීන් විසින් සිදුකළ මෙම සමාජ සත්කාරය ප්‍රදේශයේ ජනතාවගේ ඇගයීමට ලක්විය.
















