පවතින අධික වැසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් සඳහා අද (15) විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය විසින් මෙම තීරණය ගෙන ඇත.හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් සඳහා අද දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස එම කලාපයේ සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම් දී තිබේ. අධ්‍යාපන කටයුතු හෝ අනෙකුත් අවශ්‍යතා සඳහා ගුරුවරුන් සහ සිසුන් අද දින පාසල් වෙත කැඳවීමෙන් වළකින ලෙස ද අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා ඇත.














