බස්නාහිර පළාත් සභාව විසින් රුපියල් ලක්ෂ 2500කට අධික පිරිවැයක් දරා ඉදිකරන ලද වීදියගොඩ ආයුර්වේද මූලික රෝහලේ නව සිව් මහල් වාට්ටු සංකීර්ණය ඊයේ (14) ජනතා අයිතියට පත් කෙරිණි.
නව වාට්ටු සංකීර්ණය තුළ බාහිර රෝගී අංශයක් (OPD) සහ කාන්තා හා පිරිමි සඳහා වෙන්වූ සාමාන්‍ය වාට්ටු දෙකක් ඇතුළත් වේ. ගෙවීමේ වාට්ටු දෙකක්, පරිපාලන කාර්යාල පරිශ්‍රයක් සහ ශ්‍රවණාගාරයකින් ද මෙම ගොඩනැගිල්ල සමන්විතය. වෛද්‍ය නිලධාරීන් සහ සේවකයන් සඳහා විවේකාගාර මෙන්ම වෛද්‍ය නිල නිවාසයක් ද මෙහි ස්ථාපනය කර ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූෂුෆ් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ. මීට අමතරව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර, කළුතර දිස්ත්‍රික් ලේකම් එස්.පී. හේරත් සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය ලේකම් එල්.ඒ. කළුකපුආරච්චි යන මහත්ම මහත්මීන් ද මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.














