ශ්‍රී ලංකාවේ නැවුම් අන්නාසි පකිස්ථාන වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ ශාක නිරෝධායන අවශ්‍යතා සම්පූර්ණ කර ඇති බව කෘෂිකාර්මික අංශය සඳහන් කරයි.
වසර ගණනාවක් පුරා පැවති තාක්ෂණික සාකච්ඡා සහ නියාමන ක්‍රියාවලියෙන් අනතුරුව, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර නැවුම් අන්නාසි ආනයනයට අදාළ ශාක නිරෝධායන කොන්දේසි සාර්ථකව අවසන් කර ඇත. ඒ අනුව, මෙරට අන්නාසි නිෂ්පාදකයන්ට සහ අපනයනකරුවන්ට පකිස්ථාන වෙළෙඳපොළට පිවිසීම සඳහා නව සහ සුවිශේෂී අවස්ථාවක් මේ හරහා හිමි වී තිබේ.














