ලෝක ළමා දිනයට සමගාමීව හැටන් ශ්‍රී පාද ප්‍රාථමික විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද සුහුරු පන්ති කාමරය සිසු අයිතියට පත් කිරීම ඊයේ (01) සිදු කෙරිණි.
දිවංගත ව්‍යාපාරික ඩී.කේ.ඩබ්ලිව්. වීරතුංග මහතාගේ 94 වන ජන්ම දිනය නිමිත්තෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් මෙම සුහුරු පන්ති කාමරය ඉදිකර සිසු අයිතියට පත් කර තිබේ.
DKW සමාගමේ අධ්‍යක්ෂ අජිත් සුගතපාල මහතා විසින් සුහුරු පන්ති කාමරය සිසු අයිතියට පත් කළ අතර, එම අවස්ථාවට හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. කුමාර් මහතා, හැටන් ශ්‍රී පාද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති අනුර හෙට්ටිගේ මහතා ඇතුළු ගුරුභවතුන් සහ හැටන් තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.
මෙම සුහුරු පන්ති කාමරය මගින් පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නවීන තාක්ෂණික පහසුකම් ලබාදීමට අවස්ථාව සැලසෙනු ඇත.
















