බර වාහන රියදුරු බලපත්‍රයක් සහිතව මගී ප්‍රවාහන බස් රථවල සේවය කරන රියදුරන් සඳහා දෙදින වැඩමුළුවක් හැටන් පොලිසියේ ශ්‍රවණාගාරයේදී (20) දින ආරම්භ විය. ප්‍රවාහන අමාත්‍යාංශ චක්‍රලේකයකට අනුව හැටන් ලංගම ඩිපෝව මගින් සංවිධානය කල මෙම වැඩමුළුවට නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වී තිබේ.
මෙම වැඩමුළුව මගින් සහභාගී වන රියදුරන්ගේ බර වාහන රියදුරු බලපත්‍රය මගී ප්‍රවාහන රියදුරු බලපත්‍රයක් වශයෙන් සංශෝධනය කර ලබාදීමට නියමිත අතර, විනයගරුකව මාර්ග නීති පිළිපදිමින් ධාවනයට සුදුසු තත්වයේ පවතින වාහන පමණක් ධාවනය කරවීම මෙහි අරමුණ බව හැටන් ලංගම ඩිපෝවේ කළමණාකාර පාලිත විරසූරිය මහතා පවසා ඇත.
















