ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සමූහයක් වන හේලීස් සමූහයේ සාමාජික සමාගමක් වන හේලීස් මොබිලිටි (Hayleys Mobility), කාර්ස්විච් (CarSwitch Pvt Ltd) ආයතනය සමඟ එක්ව අනුරාධපුර ප්‍රදේශයේ සිය නවතම බලයලත් අලෙවි ප්‍රදර්ශනාගාරය විවෘත කර ඇත.
උතුරු මැද පළාතේ පාරිභෝගිකයන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත මෝටර් රථ සන්නාම වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා හිමිවේ. ඒ අනුව ජේකූ (JAECOO), ඔමෝඩා (OMODA), කයියි (KAIYI) සහ එස්.ආර්.එම් (SRM) වැනි ලොව පිළිගත් වාහන සන්නාමයන් පිළිබඳ තොරතුරු සහ අලෙවියෙන් පසු සේවාවන් දැන් අනුරාධපුර ප්‍රදේශයේදී ලබාගත හැකිය.
හේලීස් මොබිලිටි සිය වෙළඳ ජාලය පුළුල් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, ඒ මගින් වාහන අලෙවිය, වෘත්තීය මගපෙන්වීම සහ අලෙවියෙන් පසු සේවා එකම වහලක් යටින් පාරිභෝගිකයන්ට ලබා දීම අරමුණු කරයි. විශ්වාසවන්ත දේශීය හවුල්කාරිත්වයන් හරහා මෙරට මෝටර් රථ කර්මාන්තය සංවර්ධනය කිරීමටත්, පාරිභෝගිකයන්ට වඩාත් සමීපව සේවාවන් සැපයීමටත් සමාගම බලාපොරොත්තු වේ.
නව ප්‍රදර්ශනාගාරය අනුරාධපුර, නව නගරය, ජයන්ති මාවතේ පිහිටා ඇති අතර එම ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට හේලීස් මොබිලිටි සතු ගෝලීය මෝටර් රථ සන්නාමයන්හි අත්දැකීම් එහිදී ලබා ගත හැකිය.
















