මුදල් විශුද්ධිකරණ පනත යටතේ රුපියල් කෝටි තුනක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි “ලොකු පැටී” යන අය ලබන ජූලි 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (26) නියෝග කළේය.
නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත. මෙම සිද්ධියට අදාළව මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගන්දර දේවාලයේ කපුවා ඇතුළු අනෙක් සැකකරුවන් දෙදෙනා පසුගිය නඩු දිනයේදී ඇප මත මුදා හැර තිබිණි.
අද දින නඩු විභාගයේදී පළමු සැකකරු වන ලොකු පැටී වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නඩුව ලබන ජූලි 10 වනදා යළි කැඳවීමට නියමිතය.
















