27 April 2024
#දේශීය

නික්ම යන ඉන්දීය ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් සිය ධූර කාලය අවසන් කිරීම සනිටුහන් කරමින් ඊයේ (16) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ජෙනරල් ගුණරත්න විසින් කපිතාන් සූද් ව උණුසුම් අයුරින් පිළිගෙන ඔහු සමඟ සුහද කතාබහක නිරත වූ අතර, ඔහුගේ ධූර කාලය තුල ද්විපාර්ශික වශයෙන් දෙරට අතර පවතින අන්නෝන්‍ය සහයෝගීතාවය ශක්‌තිමත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා වෙත සිය කෘතඥතාව පළ කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය ද මෙම සැසියේදී සිහිපත් කරන ලද අතර, දෙරට අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදි. ඔහුගේ ඉදිරි වැඩකටයුතු වෙනුවෙන් ජෙනරල් ගුණරත්න සිය සුභාශිංසන කපිතාන් සූද් වෙත එක් කළේය.

ආරක්‍ෂක ලේකම් විසින් ඉන්දීය ආරක්‍ෂක උපදේශකවරයාගේ සේවය අගයමින් ඔහු වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වූ අතර, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් නදීක කුලසේකර ද මෙම අවස්ථාවට සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *