වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වී ඇති කෙටි ආහාර සංස්කෘතිය පිළිබඳව නැවත සිතා බැලිය යුතු කාලය එළඹ ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ජාතික පෝෂණ මාසයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී වගකිවයුතු නිලධාරීන් විසින් මේ බව අවධාරණය කරන ලදී. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාවන් නිසා ඇතිවිය හැකි බෝ නොවන රෝග සහ පෝෂණ ගැටලු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. දිනපතා භාවිත කරන කෙටි ආහාරවල අඩංගු අහිතකර සංඝටක පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දෙන ලදී.
















