වත්මන් වෙළෙඳපොළේ ඉන්ධන මිල මාර්තු මාසයට සාපේක්ෂව කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබියදීත්, රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනා තවමත් මාර්තු 01 වැනි දින පැවැති පැරණි මිල ගණන් යටතේ ගණනය කර ගෙවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවට ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණ චෝදනා කරයි.
මුදල් අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති සීමාකාරී චක්‍රලේඛය හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත්, එම නිසා වහාම අදාළ දීමනා සංශෝධනය කර ඉන්ධන කෝටාව ඉහළ දැමීමට පියවර ගන්නා ලෙසත් ඔවුන් ඉල්ලා සිටී. වෙළෙඳපොළ ඉන්ධන මිල ගණන් සහ පවතින ඉන්ධන දීමනාව අතර ඇති විශාල පරතරය නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට සෘජුවම බලපා ඇති බව එම පෙරමුණ පෙන්වා දෙයි.
















