ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව රට පුරාම ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින්, මදුරුවන් බෝවීම වළක්වා ගැනීමට සියලු දෙනාම පියවර ගත යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.පවතින අවදානම් තත්ත්වය සලකා තම වටපිටාව පිරිසිදුව තබා ගැනීමටත්, මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමටත් වගබලා ගැනීම ජනතාවගේ වගකීමක් බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.















