පවතින ගෝලීය යුධමය තත්ත්වයන් මධ්‍යයේ වුවද, සියලු බර ජනතාව මත නොපටවා කළමනාකරණය හරහා රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 275 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමිනි. ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සමුළුවේදී විශේෂ ඇගයීමට ලක්වූ බවත්, එහි ගෞරවය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ කැපවීමට හිමිවන බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.මෙම නිලධාරිනියන්ගේ සේවය අගයමින් ඔවුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීමට රජය පියවර ගන්නා බවත්, ඉදිරියේදී ඔවුන් සඳහා යතුරුපැදි ලබාදීමට සහ ලබන ජනවාරියේ සිට වැටුප් වැඩිවීම ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. බෝනොවන රෝග මර්දනය සහ නව ‘ආරෝග්‍යා’ සුවතා මධ්‍යස්ථාන හරහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට ඉදිරියේදී විශාල වැඩ කොටසක් පැවරෙනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.














